නව ආණ්ඩුකාරවරු 6 ක් දිවුරුම් දෙති


( අජන්ත කුමාර අගලකඩ)

නව ආණ්ඩුකාරවරු 6  දෙනෙක්  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ.
 
ඒ අනුව සීතා අරඹේපොළ මහත්මිය බස්නාහිර ආණ්ඩුකාරවරිය ලෙසද , විලී ගමගේ මහතා  දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද , රාජා  කොල්ලුරේ මහාතා ඌව ආණ්ඩුකාර ලෙසද  , ඒ.ජේ.එම් මුසම්මිල් මහතා වයඹ ආණ්ඩුකාර ලෙසද ,  ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙසද ,ලලිත් ගමගේ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද දිවුරුම් දුන්හ.
 
ඉතිරි පළාත් තුන සඳහාද නව ආණ්ඩුකාරවරුන් අද (21 ) දිවුරුම් දීමට නියමිතය.