නරුම පියා 66 වසරක් හිරේ


සොළොස් හැවිරිදි දියණිය කෙළෙසූ පියෙකුට අනුරාධපුර මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා වසර 66ක දඩුවම් කෙළේය. රුපියල් දෙලක්ෂයක වන්දියක් ද, රුපියල් ලක්ෂ එකහමාරක දඩයක් නියම කළ විනිසුරු වන්දිය හා දඩ නොගෙවන්නේ නම් සිරදඩුවම තවත් මාස 15කින් වැඩිවෙයි. සිය වැඩිමහල් දියණිය අවුරුදු නමයේදී කෙළෙසා 18 වසරක සිරදඩුවමක් වසර 8ක් ගෙවමින් සිටි සිරකරු බන්ධනාගාරයේ සිට උසාවියට ගෙන එනු ලැබීය. මුලින් නිවැරදිකරු යැයි කියා සිටි ඔහු පසුව චෝදනා හයටම වරද පිළිගත්තේ ය. දෙවැනි දුව කෙළෙසා ඇත්තේ හිරගතවීමට කලිනි. මෙවැනි අපරාධකරුවනට ඉහළම දඩුවම් දෙන්නැයි පැමිණිල්ලේ නීතීඥවරයා උසාවියෙන් ඉල්ලා සිටියේය.