නරි වලිගෙන් මුහුද ඉහින්න බෑ


රජයේත්, මහින්ද රාජපක්ෂ ජනපතිගේත් බලය අස්ථාවර කිරීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක හා අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහතා මාතලේ ඡන්ද රැස්වීමක දී පැවසීය.

රජයේ පාර්ශ්වකරුවකු ලෙස එම වගකීම පැහැර නොහරින බවත්, කවුරුන් හෝ එවැනි උත්සාහයක් ගන්නේ නම් නියම වේලාවේදී පාඩම ඉගැන්වීමට තම පක්ෂයට හැකි බවත් ඇමැති කීවේය.

රජය හා තම පක්ෂයේ සබදතාව අවබෝධ කර නොගන්නා ඇතැම් ඇමැතිවරුන් තම පක්ෂය ආණ්ඩුවෙන් පන්නා දැමීමට තැත් කළත් එය කිසිදා නොවන බව ඔහු කීවේය.

‘එය හරියට නරි වලිගයකින් මුහුද ඉහින්න දගලනවා වගේ. අපේ රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ. ආණ්ඩුව මෙන්ම රාජ්‍ය නායකයාද රැකගැනීම අපේ වගකීමයි‘