නයි නටවන්නත් අපොස සාපෙළ ඉල්ලයි


දෙහිවල සත්තු වත්තේ පුරප්පාඩු වී ඇති ‘නයි නටවන්නා‘සහ ‘අලි බලන්නා‘ තනතුරු දෙකට බඳවා ගැනීමේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් හයක් සමත්වීම අවම සුදුසුකම් දක්වා තිබීමෙන් එක් අයදුම් පත්‍රයක්වත් ලැබී නැතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා කියයි.

‘නයි නටවන්නා‘ වැනි රැකියාවලට පාරම්පරිකව ඉගෙනගත් පුද්ගලයන් මිස පාසල් ගොස් අවශ්‍ය සුදුසුකස් ඇත්තවුන් සිටිය නොහැකි බව ද ඇමැති පවසයි.

 රාජ්‍ය සේවයට වුවද යම් යම් තනතුරු සඳහා බඳවා ගැනීමේදී පවතින අවම සුදුසුකම් තීරණය කිරිමේ දී සුදුස්සන් බඳවා ගැනීමේ දි ගැටලූ ඇතිවන බවද ඇමතිවරයා කියයි.