නතාශා එදිරිසූරිය රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධ ආගමට අපහාස වන පරිදි අදහස් දැක්වූයේ යැයි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නතාශා එදිරිසූරිය ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද  නියෝග කළේය.

මෙම සැකකාරිය සිංගප්පූරුව බලා පිටත්ව යාමට අද (28) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී ඇය අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තාකර ඇත.

මෙම සැකකාරිය ප්‍රකාශයක් කරමින් බුදු දහමට මෙන්ම සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කර ජනතාව අතර අසමගියක් ඇති වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.