නඩු කඩිනම් කරන තවත් උසාවියක්


කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ  ගොඩ ගැසී ඇති නඩු ඉක්මනින්  විභාග කැර අවසන් කිරිමේ අරමුණින්  ඉදිකරන ලද ‘අංක 09’ නව අධිකරණ  ශාලාව සහ එම උසාවියේ  නිතිඥ සංගමයේ  ප්‍රයෝජනය වෙනුවෙන් ඉදි කළ නව භෝජනාගාරය අගවිනිසුරු මොහාන් පිරීස්  මහතා අද (18)විවෘත කළේය.

පරිගණක පහසුකම්  ඇතුළු නවීන පහසුකම්  වලින් සමන්විත  මෙම අධිකරණ ශාලාවෙහි  මහේස්ත්‍රාත්වරයා වුයේ  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාය.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සත්‍යා හෙට්ටිගේ ,අධිකරණසේවා කොමිෂන් සභවේ  ලේකම් සිසිර රත්නායක,කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය,මහෙස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ සභාපති ධර්මතිලක ගමගේ මහත්වරුද එහි වුහ.