(වියලුව වාර්තාකරු)
වියළුව,මහියංගන,කන්දකැටිය,රිදීමාලියද්ද,මීගහකිවුල, ආදී වී ගොවිතැන බහුලව සිදු කෙරෙන ප්‍රදේශයන්හි වී මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ගොවීහු කියති.
මීට සති දෙකකට පමණ පෙර රුපියල් 100-120 ත් අතර අලෙවි වූ වී කිලෝවක මිල මේ වන විට රුපියල් 150 - 170 තෙක් ඉහළ ගොස් ඇතැයි ගොවීහු පවසති.
ඉදිරියේදී මතුව ඇතැයි පැවසෙන සහල් හිඟයට සූදානම් වීම පිණීස ගොවිතැනෙහි නොයෙදෙන බොහෝ පිරිසක් වී මිලදී ගෙන තොග රැස් කිරීමට පටන් ගැනීමත් සමගම මේ අයුරින් වී මිල ඉහළ ගොස් ඇතැයි ගොවීහු පවසති.
මෙම තත්ත්වය මත ඇතැම් ගොවි පිරිස් තම වී අස්වනු හැකි උපරිම මිලකට අලෙවි කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මේ අයුරින් වී මිල දිනෙන් දිනම ඉහළ යමින් පවතී.
මෙම තත්ත්වය මත බොරදියේ මාළු බෑමට ඉදිරිපත්ව සිටින ඇතැම් පිරිස් තම අස්වනු විශාල මිල ගණන් යටතේ ඔවුන්ට අලෙවි කිරීමටද පෙළඹී සිටිති .
එම තත්ත්වය මත මේ වන විට වෙළඳපොලේ ඇති සහල් කිලෝවක මිලට ආසන්න ලෙස වී කිලෝවක මිල ද නිර්මාණය වෙමින් පවතින බව ජනතාව පවසති.