ධීවරයෝ 60ක් තහනම් දැලේ
තහනම් දැල් මගින් නැගෙනහිර මුහුදේ මසුන් අල්ලමින් සිටි හැට දෙනකු ධීවර යාත්‍රා නවයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි. කොළඹින් ගිය නිළධරයෝ පොලිසිය හා නාවික හමුදාව සමග එක්ව මේ වැටලීම කළහ. ධීවර යාත්‍රා සමග සැකකරුවෝ ත්‍රිකුණාමල ධීවර වරායට රැගෙන එනු ලැබූහ.

