
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ජාත්‍යන්තර මුහුදු සිමාවේදි රැකියාවේ නිරත ව සිටි ධීවර කාර්මිකයින් පිරිසක් මෝර ප්‍රහාරයකට ලක්වි එක් අයෙකු තුවාල ලබා ඇති බවත් තවත් අයෙකු මුහුදට වැටි අතුරුදහන් වී ඇති බව එම යාත්‍රාවේ හිමිකරු පවසයි.
මෙලෙස මොර ප්‍රහාරයත් සමග මුහුදේ ගිලි සැගවි ඇත්තේ මනෝජ් දිල්රුවන් පිටර්සන් නැමති 26 හැවිරිදි මහවැව පදිංචි විවාහකයකු බව කියයි.
වෙන්නප්පුව වෙල්ලමංකරේ වරායෙන් පසුගිය අප්‍රේල් 24 දින මුහුදු ගිය සංජන පුතා 13 යාත්‍රාවේ සේවය කල තරුණ ධීවර කාර්මිකයා මෙලෙස අතුරුදහන්ව ඇති බව කියයි.
මෙම බහුදින යාත්‍රාවේ ප්‍රධාන ක්‍රියාකාරු ඇතුළු හත් දෙනෙකු රැකියාවේ නිරතව ඇති බව කියයි. පසුගිය මැයි 30 දින ජාත්‍යන්තර මුහුදු සිමාවේදි මෙම අවාසනාවන්ත සිද්දියට සංජන පුතා 13 බහුදින යාත්‍රාවේ ධීවරයින් මුහුණ දී ඇති බව කියයි.
රැකියාවේ නිරතව සිටියදි දැවැන්ත මෝරේකු අල්ලා ගැනිමට යාමේදි මෝර ප්‍රහාරයට එක් ධීවරයකු ලක්වි ඇති අතර ඔහුගේ එක් ඇගිල්ලක් මෝරා කා දමා තිබේ .ඒ මෝහොතේදී මෝරා නැවත දැලෙන් ගැලවි මුහුදට වැටි ඇති බවත් ඒ සමගම ඇති වු තෙරපිමත් සමග මේ වන විට අතුරුදහන් වී ඇති ධිවරයා නොසිතු ලෙස යාත්‍රාවේ එකවරම යාත්‍රාවේ මුහුදට වැටි ඇති බව කියයි.


