තිලිණි ද සිල්වා
ශ්‍රී ලංකා බලධාරීන්ගේ අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් 42 දෙනා වහා නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස තමිල්නාඩු මුදල් අමාත්‍ය ඩි.ජයකුමාර් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුශ්මා ස්වරාජ් මහත්මිය ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත්සේවය අද (02) වාර්තා කළේය.
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා විසින් මෙම ගැටළුව පිළිබදව අවස්ථා ගණනාවකදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලිඛිතව දැනුම් දී තිබුණ ද මෙතෙක් ඊට විසදුම් ලැබී නොමැති බව තමිල්නාඩු මුදල් අමාත්‍යවරයා සිය ලිපියෙන් පෙන්වා දෙන බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ වන විට තමිල්නාඩු ධීවරයින් හතලිස් දෙදෙනෙකු ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින අතර ධීවර යාත්‍රා 141ක් මෙරට භාරයේ ඇති බව තමිල්නාඩු මුදල් අමාත්‍යවරයා සඳහන් කරන අතර ශ්‍රී ලංකාව භාරයේ ඇති ඉන්දීය යාත්‍රා කඩිනමින් නිදහස් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග මධ්‍යම රජය විසින් ගත යුතු බවද හෙතෙම ඉල්ලා ඇත.
අදාළ ධීවරයින් සහ යාත්‍රා නිදහස් කරගැනීමට රාජතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වීමක් සිදුකරන ලෙසත් ඉන්දු ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් ස්ථීර විසදුමක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඩි.ජයකුමාර් මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරියගෙන් ඉල්ලා තිබේ.

