ධීවර සංස්ථාව කෝටි පහක අර්ථසාධක ගෙවා නෑ


(විනීතා එම් ගමගේ)

ලංකා ධීවර සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ සාමාජික මුදල් වෙනුවෙන් සංස්ථාව රුපියල් කෝටි පහක් සේවක අර්ථසාධක අරමුදලට මුදල් ගෙවිය යුතුව ඇතැයි එම සංස්ථාවේ වෘත්තිය සමිති පවසති. 

සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයට සේවක අරමුදල් වෙනුවෙන් මාස දෙකක හිඟ මුදල් ගෙවිය යුතුව ඇති බවත් විශ‍්‍රාම ගිය සේවක සේවිකාවන් 30 දෙනෙක් වෙනුවෙන් පාරිතෝෂික මුදල් ගෙවා නැති බවත් ඔවුහු කියති. 

මේ  සම්බන්ධව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ කළ සාකච්ඡාවක දී මෙම හිඟ මුදල් මාස දෙකක් පමණ ඇතුළත ගෙවා දැමීමට ඇමැති එකඟ වී යැයි ලංකා ධීවර සංස්ථා පොදු සේවක සංගමයේ ලේකම් ජේ එච් නිශාන්ත මහතා පැවැසීය.