ධාවන ශූර අරවින්දට සන්නාම ප‍්‍රවර්ධන නියෝජිත තනතුරක්
කැල්ටෙක්ස් සමාගමේ ‘හැවොලින්’ සන්නාම ප‍්‍රවර්ධන නියෝජිතයා ලෙස මෝටර් රථ ධාවන ශූර අරවින්ද පේ‍්‍රමදාස කටයුතු කරයි.
දේශීය මෝටර් රථ තරග බිමේ එස්. එල්. ජී. ටී 3500 සී.සී. සුපිරි මෝටර් රථ ඉසව්වේ ශූරයකු වන අරවින්ද, පසුගියදා අනුරාධපුර සාලියපුරදී පැවැති ගජබා සුපර්ක්‍රොස් මොටර් රථ තරගාවලියේ අට වැනි වරටත් දක්‍ෂතම ධාවකයා ලෙස සම්මාන ලැබීය.
අරවින්ද, 1997 වසරේ සිට ‘කැල්ටෙක්ස්’ මෝටර් රථ ධාවක කණ්ඩායමේ ආරම්භක සාමාජිකයකු ද වේ.
දේශීය ප‍්‍රධානතම මෝටර් රථ ධාවන තරගාවලිවන ෆොක්ස්හිල් සුපර් ක්‍රොස්, තිස්සමහාරාම කාල්ටන් සුපර් ක්‍රොස්, රදැල්ල සහ මාගස්තොට කඳු තරණය යන තරගාවලිවලදී ඔහු ජයග‍්‍රහණ ලබා තිබේ.
වසරේ දක්‍ෂතම මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ට සම්මාන පිරිනැමෙන ස්ලාඩාර් තරගමාලාවේදී අරවින්ද 2003 වසරේ සිට 2005 වසර දක්වා දක්‍ෂතම ධාවකයා ලෙස සම්මාන ලැබීය. ඔහු 2006 වසරේ තිස්සමහාරාමයේ පැවැති තරගාවලියේදී ජනාධිපති කුසලානය ද හිමිකර ගත්තේය.
සිංගප්පුරුව, ඩුබායි, ලන්ඩන්, ඉන්දියාව සහ ස්විඩන් යන රටවල පැවැති අන්තර්ජාතික මෝටර් රථ තරගාවලිවලට සහභාගිවී තිබෙන අරවින්ද, ගෝකාට් සහ ෆෝමියුලා තරග ඉසව්වලට ද සහභාගිවේ.

