ධර්මරාජ - ශී‍්‍ර සුමංගල තරගය ජය පැරදුමෙන් තොරයි
මහනුවර ධර්මරාජ විදුහල වෙනුවෙන් ජයපත්ම බණ්ඩාර පන්දු 142 කදී අගනා ලකුණු 114 ක් ලබාගත් නමුත් පානදුර ශී‍්‍ර සුමංගල විදුහලට එරෙහිව ලේක් වීව්හිදී පැවැති අන්තර් පාසල් කි‍්‍රකට් තරගය අද (13 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමා විය.
හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක්ද ඇතුළත් වූ ඉනිමෙන් ධර්මරාජය ඉතා ප‍්‍රබල ස්ථානයකට ගෙන ඒමට බණ්ඩාර සමත්විය. වර්ෂාව නිසා තරගය නතර කිරීමට පෙර ශ‍්‍රී සුමංගල ක‍්‍රීඩකයෝ කඩුලූ 5කට ලකුණු 69ක් රැස්කළහ.
ධර්මරාජ විදුහල ඕවර 49කදී කඩුලූ 6ක් දැවී ලකුණු 204යි
(ජයපත්ම බණ්ඩාර 114, සුපුන් විබද්ද 39, කවින්දු තිමුත් 24, එස්.ඒ.ටී. පේ‍්‍රමචන්ද්‍ර 52/2)
ශී‍්‍ර සුමංගල විදුහල ඕවර 43.2කදී කඩුලූ 5ක් දැවී ලකුණු 69යි
(වී.ආර්.ඞී සිල්වා 35, අමරසේකර 15, අරවින්ද විතානාරච්චි 17/2)

