දෝෂාභියෝග බලපෑම් හොයන්න නීතීඥ සංගම් හවුලක්


අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගය හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල විය හැකි බලපෑම් වළක්වා ගැනීම සඳහා සියලු නීතීඥ සංගම්වල එකමුතුවෙන් ඒකාබද්ධ සම්මේලනයක් ගොඩනැගීමට යයි. පළමු පියවර ලෙස නීතීඥ සංගම් තුනක විධායක කමිටු ලබන අටවැනිදා රැස්වී සාකච්ඡා කිරීමට නිමිත බව තරුණ නීතීඥවරුන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික අචල කුමාරසිරි මහතා කියයි.