දෝෂාභියෝග කාරක සභාව පත් කැරේ


ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විභාග කිරීමේ තේරීම් කාරක සභාවට මැති සබේ දෙපාර්ශ්වයේම මන්ත‍්‍රීවරු 11 දෙනෙක් කතානායක චමල් රාජපක්‍ෂ මහතා විසින් පත් කරනු ලැබූහ. එහි සභාපති පරිසර ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාය.