දෝශාභියෝගය යළි සලකා බලන්න


අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව කතානායකවරයාට භාර දී ඇති දෝෂාභියෝග යෝජනාව පිළිබඳ යළි සලකා බලන්නැයි ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිති. මහනාහිමිවරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම කළහ. තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමි, උඩුගම බුද්ධරක්ඛිති අස්ගිරි මහනාහිමි, දවුල්දෙන ඥානිස්සර අමරපුර මහනායක හිමි සහ නාපාන පෙමසිරි රාමඤ්ඤ මහනාහිමි  මෙම ලිපියට අත්සන් තබා ඇත්තාහ.