දොළවත්ත ඕස්ටේ‍්‍රලියා අන්තර් සමාජ කාන්තා ක‍්‍රිකට් තරගාවලියට යයි


ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ උප නායිකා ස`දමාලි දොළවත්ත  ඕස්ටේ‍්‍රලියානු අන්තර් සමාජ කාන්තා ක‍්‍රිකට් තරගාවලියේදී මෙල්බන් ක‍්‍රිකට් සමාජය නියෝජනය කිරීම සදහා පසුගියදා පිටත්ව ගියාය. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවක්  ඕස්ටේ‍්‍රලියානු දේශිය තරගාවලියකට සහභගි වන පළමු අවස්ථාව මෙය වන අතර ඇය එහිදී දෙවැනි කොටසේ තරගාවලියට සහභාගිවීමට නියමිතය. ශ‍්‍රී ලංකා පිලේ ඉදිරි පෙළ පිතිකාරියක් වන දොළවත්ත පිට ද`ග පන්දු යවන්නියක් ලෙස ද දස්කම් දක්වන්නීය.