රිදී ආලේප කළ රත්තරන් බෝල 10 යක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් ලක්ෂයක දඩ නියම කළ රේගුව එම රත්තරන් බෝල රාජසන්තක කළේය.
මේ පිළිබ්‍ඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.ඒ.ඩී.ඒ පෙරේරා මහතා විසින් සිදු කළේය.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ සැකකරු කොළඹ පදිංචි හතලිස් නව හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි.
රත්තරන් බෝල වල වටිනාකම රුපියල් දොලොස් ලක්ෂ හැත්තෑපන්දහසක් වන බවත් එහි බර ග්‍රෑම් 275 ක් වන බවත් ඔහු කීවේය.
කුඩා පාර්සල් තුනකට සකස් කොට ගුද මාර්ගයේ මෙම රන් බෝල සගවා තිබු බව රේගුව කියයි.
සැකකරු එයාර් ඉන්ඩියා ගුවන්සේවයට අයත් ඒ.අයි 274 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ෂණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ෙජ්.ඒ.ඩී.ඒ පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී අචල චන්ද්‍රසේකර, ඩී.එම්.ජී නිමලතිලක සහ සහකාර රේගු අධිකාරීවරුන් වන එච්.ඩබ්ලිව්.සී ශ්‍යාමල් සහ සෙනාලි ලොකුබාලසුරිය ලලිතා, බී.ඒ.එන්.කේ බාලසුරිය, ඒ.පී.ජී.එස්.ඒ ලොකුගම, මංජුල කුමාර, එස් කෙජ්න්ද්‍රන් යන නිලධාරීහු සිදු කළහ.

