(සුමිත් පොතුපිටිය)
රෙද්දකින් අංක තහඩු ආවරණය කළ මෝටර් රථයකින් පැමිණි පිරිසක් බොම්ඹුවල සමනල උයන පෙම්රුක්වත්තේ තරුණයකුට පහරදී පැහැරගෙන ගොස් ඇතැයි දොඩංගොඩ පොලිසිය පවසයි.
ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් ගොස් පරීක්ෂා කිරීමේදී රාත්‍රි 9 ට පමණ අංක තහඩු රෙදිවලින් ආවරණය කළ රතු පැහැයට හුරු මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම පුද්ගලයාට පහරදී පැහැරගෙන ගොස් ඇති බවට හෙලිව ඇතැයි පොලිසිය පවසයි.
එම පුද්ගලයා බේරාගැනීමට පිරිසක් මෝටර් රථයට පහරදී ඇති අතර, පහරදෙන අතරතුර වාහනය පලාගොස් ඇතැයිද පැවසේ.
පැහැරගෙන ගොස් ඇති පුද්ගලයාව මෙතෙක් හමුවී නොමැති අතර , දොඩංගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වති .