(රොමේෂ් මධුෂංඛ)
දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් ආරක්ෂක අංශ භාරයේ ඇති ඉඩම් නිදහස් කරන ලෙස හා අතුරුදන් වූවන් සොයාදෙන ලෙසත් ඉල්ලා අද (8) කිලිනොච්චියේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.
දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය, දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන්, ඉඩම් අහිමිවූවන් හා අතුරුදන් වූවන්ගේ ඥාතීන් සංවිධාන කිහිපයක් ද සංවිධානය කොට තිබුණි.
උතුරේ ආරක්ෂක අංශ භාරයේ ඇති සාමාන්‍ය ජනතාවගේ ඉඩම් වහාම නිදහස් කළ යුතු බවත් අතුරුදන් වූවන් සොයා දෙන ලෙසටත් ඉල්ලා දිගින් දිගටම රජයට බල කර සිටින බවට ද උද්ඝෝෂකයන් කියා සිටියහ.





