දේශපාලන අර්බුදයක් ගැන බර්ටි අනතුරු අඟවයි


උතුරු මැද මහ ඇමැති ධුරය ලොකු අර්බුදයක් කාරා යා හැකි යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිල් දෙකකට බෙදීමේ තත්ත්වයක් වළක්වා ගැනීමට රජයට හැකි විය යුතුයැයි උතුරු මැද හිටපු මහා ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අනුරාධපුරයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය. එස්.එම්. රංජිත් මහතාට මහ ඇමැතිකම දීමට යතියි පළවූ පුවත් වාර්තා ගැන කරුණු පැහැදිලි කිරීමට සිය නිවසේදී ඔහු මේ සාකච්ඡාව පැවැත්වීය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය සභා 19කමන්ත්‍රීන් 154 දෙනකුගෙන් 120ක්ම තමා සමග සිටින බව කී හිටපු මහා ඇමැති රංජිත් මහතා මහා ඇමැති කම දෙන බවට ශ්‍රී ලනිප ලේකම් හෝ සන්ධාන ලේකම් මෙතෙක් නිල වශයෙන් සඳහන් කර නැතැයි ඔහු කීවේය. එක්සත් ජාතික පක්ෂයේ මහින්ද සෝම අධිකාරී වැනි ප්‍රබලයන් සමග සටන් කර පක්ෂය ගොඩ නැගූ තමා ශ්‍රී ලනිපයේ උප සභාපති ද සන්ධානයේ භාණ්ඩාගාරික පදවියද දරන බව කී දිසානායක මහතා රට ජාතිය වෙනුවෙන් නොවූ බවත් මල්ලී වෙනුවෙන් ඇමැති කමින් ඉල්ලා අස්වීම ගැන එස්.එම්.චන්ද්‍රසේන මහතාට තම ස්තූතිය පළ කරන බව ද කීවේය. ‘මම උතුරු මැද පළාත් සභාවේ ඇමැති කම් බාරගන්නෙත් නෑ උපදේශක කම් ගන්නෙත් නෑ මහා ආණ්ඩුවේ ඇමැති කමක් දුන්නත් ගන්නෙත් නෑ.  මේ ප්‍රශ්නයෙන් ලංකාවේ දේශපාලන අර්බුදයක් ඇතැවිය හැකියි‘.