දේවමිත්ත හිමියෝ අපවත් වෙති


ගණේගම දේවමිත්ත හිමියෝ සියක් වසක් ආයු වළඳා අපවත් වූහ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඇස්කණ්නාඩි ව්‍යාපාරිකයකු වූ දේශබන්දු ඇල්බට් එදිරිසිංහ මහතා දේවමිත්ත නමින් වසර 2000 දී පැවිදි විය.

ගාල්ලේ බද්දේගම ඉපදී කොළඹ පැමිණ සුළුවෙන් සිය ව්‍යාපාරය අරඹා හිණිපෙත්තටම නැඟි පසුව ඔහු දේශබන්දු ගෞරවනාමයෙන්ද පිදුම් ලැබීය.

ඔහු ප්‍රකට දානපතියෙක් හා සමාජ සේවකයෙක් ද විය.