දෙවිනුවර උපුල්වන් දොවොලේදී පී ජී කල්‍යානප්‍රිය (53) කපු මහතාගේ බෙල්ල මිරිකා පහර දුන්නැයි සැකපිට රිමාන්ඩ් කර සිටි ප්‍රධාන කපු රාමක්‍රිෂ්ණ තේනබදු (53) රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා නියෝග කළේය.
යළිත් ආරවුල් ඇති කර ගත හොත් ඇප අවලංගු කර දේවාල භූමියට ඇතුළු වීම තහනම් කරන බව මහේස්ත්‍රාත්වරයා දැන්වීය.