කවුරුන් මොනවා කිව්වත් ශ්‍රී ලංකාවේ දෙවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයය මහනුවර අරඹන බව උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතා මහනුවර කින්ස්වුඩ් විදුහලේ ත්‍යාග ප්‍රධානෝත්සවයක දී පැවසීය.
අග්නිදිග විශ්ව විද්‍යාලයට ඉංජිනේරු පීඨයක් ද, පේරාදෙණියට කලමනාකරණ පීඨයක් ද ලබා දී ඇතැයි ද, ජයවර්ධනපුර හා කැලණි විශ්ව විද්‍යාල සඳහා ඉංජිනේරු පීඨ දෙකක්ද, යාපනය හා සබරගමුවට වෛද්‍ය පීඨ දෙකක් ද ලබා දෙන බව ඇමැති කීවේය.

