දෙල්කඳ ව්‍යාපාරිකයාත් පුතාත් සැකපිට


.කොළඹ නැවි සමාගමක කළමනාකාරවරයකු වූ විජිත කොස්තා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙල්කඳ ව්‍යාපාරිකයකු හා ඔහුගේ පුතා සැකපිට අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. ඔහු ඝාතනය කැරුණේ 18 වැනි ඉරිදාය. නැව් කළමනාකරු හා ව්‍යාපාරිකයාගේ පුතා අතර වූ ප්‍රශ්නයක් මෙම ඝාතනයට හේතු වී ඇතැයි පොලිසිය කියයි. පුතා ලවා කළමනාකරු වැල්ලවත්තට ගෙන්වා ගෙන ඇතැයි ද පසුව පුතා ඔහුගේ රිය ඉදරි ආසනයේ ද පියා පසු පස ආසනයේ ද ගමන් කර ඇති බව කියන තොරතුරු පොලිසියට ලැබී ඇත.