දෙමළ ජාතික සංවිධානය උතුරේ දිස්ත්‍රික් පහ සදහාම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට අද (21)වව්නියාවේදී පැවති සාකච්ඡාවකදී තීරණය කළේය.
මෙම සාකච්ඡාව දෙමළ ජාතික සංවිධානය සැදුම්ලත් ඉලංගෙයි තමිල් අරසි කච්චි ,ඊ.පී.ආර්.එල් එෆ්,ටෙලෝ ,ප්ලොට් හා ටී යු එල් එෆ් යන පක්ෂ පහේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර ඊට උතුරු පළාත් මහ ඇමැති අපේක්ෂක සී වී විග්වන්ෂ්වරන් මහතාද සහභාගී විය.
යාපනය,කිලිනොච්චි,මුලතිව්,වව්නියා හා මන්නාරම් දිස්ත්‍රික්ක සදහා අපේක්ෂකයන් තිස් තුන්දෙනකුගේ නම් යෝජනා වී ඇතත් ඒ පිළිබදව ලබන 25 වැනි දිනට පෙර අවසන් තීරණයක් ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයෙක් සදහන් කළේය.