දූෂණ මර්දන ඒකකය වසා දැමීමේ සාකච්ඡා


දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට අද පැවැති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වී තිබේ.
 
එම කාර්යාලය සඳහා මේ වන විට ලැබී ඇති පැමිණිලි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට සහ පොලිස්පතිට යොමු කිරීමට ද අද තීරණය කර ඇත.
 
කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිසක් කියා ඇත්තේ මෙම කාර්යාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීම සුදුසු බවයි. ජනාධිපතිවරයා ඇතුළු තවත් පිරිසක් පෙන්වා දී ඇත්තේ එය තවදුරටත් පවත්වාගෙන යෑමෙන් පළක් නැති බවයි.
 
අවසායේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට කැබිනට් මණ්ඩලය පොදුවේ එකඟත්වය පළ කර තිබේ.

044