දුෂණ මර්දන කාර්යාලය ගැන ජනපති අප්‍රසාදය -රාජිත කියයි


(රංජන් කස්තුරි) 

දුෂණ මර්දන කමිටු  ලේකම්  කාර්යාලයේ  කටයුතු සම්බන්ධයෙන්  ජනාධිපතිවරයා  කැබිනට්  මණ්ඩල රැස්වීමේ දී  දැඩි  අප්‍රසාදය පළ කළ බව කැබිනට්  සම මාධ්‍ය  ප්‍රකාශ ඇමැති  රාජිත සේනාරත්න මහතා පැවසීය.

එම කාර්යාලය මසකට  රුපියල්  මිලියන ගණනක්  වියදම්  කළද මෙතෙක්  අල්ලපු  හොරෙක්  නැතැයි ද එම කාර්යාලය වසා  දමනවාද නැද්ද යන්න ලබන කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීන්දු  කරන බවද කොළඹ රජයේ  ප්‍රවෘථ්ති  දෙපාර්තමේන්තුමේන්තුවේ අද (5) පැවති  කැබිනට්  තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති  සාකච්ඡාවේ දී  පැවසීය.

මහා පරිමාණ වංචා  දුෂණ සෙවීමට  මෙම කාර්යාලය ආරම්භ කළද මෙතෙක්  සිදුව ඇති දෙයක්  නැතැයි ද වැඩිපුර  ශ්‍රිලනිප ඇමැතිවරුන් සම්බන්ධයෙන්  සොයා බැලීම් කරන බවට  එම කාර්යාලයට  චෝදනා  එල්ලවී  තිබෙන බවද එහිදී  රාජිත සේනාරත්න ඇමැති සඳහන් කළේය.