දුෂණ කොමිසම වංචා විමර්ශන අරඹයි


බරපතල  වංචා   දුෂණ   රාජ්‍ය  සම්පත්   වරප්‍රසාද   බලය  සහ  අධිකාරිය   අනිසි   ලෙස   භාවිතා    කිරිම   සඳහා    පත්  කළ ජනාධිපති  කොමිෂන්   සභාවට   ලැබුණු   පැමිණිලි    විසිපහක්  ගැන දැන්  මුලික පරික්ෂණ අරඹා  ඇත.

මේ  කොමිසමට  ලිඛිත  පැමිණිලි   ඉදිරිපත්  කළ යුතු    අතර   පැමිණිලි   ඉදිරිපත්   කළ  හැකි වන්නේ  මෙම  24 දා   දක්වා   පමණය.

සිංහල, දෙමළ, ඉංග්‍රිසි, සහ  ඕනෑම   මසකින් ලිඛිතව  පැමිණිලි  ලියාපදිංචි  තැපැලෙන්   ඉදිරිපත්   කිරිමට   හෝ   ගෙනවිත්   භාර   දිමට   හැකි   බව  කොමිසම  කියයි.

“2010 ජනවාරි   මාසයේ   10 දා   සිට  2015 ජනවාරි    මාසයේ  10 දා    දක්වා   සිදුවුණු   වංචා   දුෂණ   සම්බන්ධව පැමිණිලි   ඉදිරිපත්   කිරිමට   හැකිය.”

පැමිණිලි   ඉදිරිපත්   කළ යුතු   ලිපිනය :  ලේකම් , බ්ලොක්   අංක 5 ,පළමු මහල   බණ්ඩාරනායක  අනුස්මරණ ජාත්‍යන්තර    සම්මන්ත්‍රණ   ශාලාව, බෞද්ධාලෝක මාවත  කොළඹ 07.