දුරුතු සීතල සුපිරි මගට කළින්ම එයි


දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ අද උදෑසන දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබිණි. පෝද්දල, බද්දේගම හා කුරුඳුගහහැතැප්ම පදේශයන්හි මිහිදුම හේතුවෙන් රථයට ඉදිරියෙන් මීටර කිහිපයකට ඈතින් පැහැදිලිව නොපෙනෙන බව එහි වාහන පදවන්නෝ කියති. මිහිදුම ඇති වේලාවට රථ ධාවනයේදී වඩාත් පවේශම් වන ලෙස අධිවේගී මාර්ගයේ බලධාරීන් ඉල්ලා සිටියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ හිමාලය දෙසින් හමා එන සීතල සුළඟ හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් වැඩිදියුණු විය හැකි බවයි.