දුමින්දගෙ හිස් කබලෙ සැත්කමේ වාර්තාවක් ඉල්ලයි
කොළොන්නාවේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු මරා දැමූ සිද්ධියේදී වෙඩි වැදී තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ හිස් කබලෙන් ඉවත් කළ කොටස් ඇත්නම් ඒ ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියට නියෝග කළේය.
එම වාර්තාව ලබන 20 වැනිදා ඉදිරිපත් කරන ලෙස ද නියම විය.
මහේස්ත්‍රාත්වරයා එම නියෝගය දුන්නේ දුමින්ද සිල්වාට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී හිස් කබලට සිදු කළ සැත්කමින් හිස් කබලේ කොටස් ඉවත් කළ බවට ඔහුගේ ආරක්ෂකයා වූ ඇමැති ආරක්ෂක අංශයේ අනුර තුෂාර ද මැල් දුන් සාක්කිය සම්බන්ධයෙන් අනූජ ප්‍රේමරත්න නීතීඥවරයා කරුණු දැක්වූ අවස්ථාවේදී ය.
නීතීඥවරයා කියා සිටියේ හිස් කබලෙන් ඉවත් කළ කොටස් ඇත්නම් එය නඩුවට වැදගත් වන බවයි.

