දුම්රියේ සිඟමන් ගිය 7 ක් අවවාද කර මුදාහරී


මහින්ද නිශ්ශංක

දුම්රියේ සිඟිමන් යෙදුණු පුද්ගලයින් 7 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

මුහුදුබඩ මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ ධාවනය කළ දුම්රිය පරීක්ෂා කිරිමේ දී මෙම යාචකයන් හත් දෙනා අත්අඩංගුවට ගනු ලැබූ බවත් ඔවුන්ට දැඩිව අවවාද කර මුදාහැරිය බවත් දුම්රිය ආරක්ෂක හමුදාවේ අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා පැවසීය.

දෙසැම්බර් (1) සිට දුම්රියේ සිඟමන් යෙදීම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබේ.