(රංජන් කස්තුරි)
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට ප්‍රකාශකරමින් ජනාධිපතිවරයා විසින් අද (03) රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.
පොදු මගී ජනතාවගේ යහපත වෙනුවෙන් රජය එම පියවර ගෙන ඇති අතර වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් සමාන්‍ය පරිදි රාජකාරියේ නිරතවීම අත්‍යවශ්‍ය වේ.
සතියකට අධික කාලයක් තිස්සේ දුම්රිය සේවකයින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මෙම අත්‍යවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

