දුම්රිය සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි


මහින්ද නිශ්ශංක

දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ අනුව සියලු සේවකයින් වහා සේවයට වාර්තා කළ යුතු බවද සාමාන්‍යාධිකාරි කියා සිටී.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශ කිරිම යටතේ සේවක නිවාඩු අවලංගු කර ඇත.

දුම්රිය වර්ජනයට අද (4) දිනට අටකි.