(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපතිවරු ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වෙමින් ඊයේ (23) පස්වරු 6.00 ට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට එකඟ වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මරදාන දුම්රිය මූලස්ථානයේ දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලයේ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ද සහභාගිත්වයෙන් මීට සුළු මොහොතකට පෙර අවසන් වූ සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹ තිබේ.

