දුම්රිය මහනුවරට මේ වසරේ අග ගමන් අරඹයි


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

මේ වසර ඇතුළත මහනුවරට දුම්රිය ධාවනය කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේ අද පැවසීය.

රඹුක්කන නුවර දුම්රිය මාර්ගයේ කොටස් අනූ හතෙන් අනූ දෙකක් සම්පූර්ණ කර ඇතැයිද ඔහු කීවේය.

ඉතිරි කොටස් පහ දුම්රිය දෙපාර්තමේන්තුවට තනිව කළ නොහැකි හෙයින් ඒ සඳහා කාලය ගත විය හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

දුම්රිය මාර්ගය හැදීමට බඩු රැගෙන යෑම ලොකු අභියෝගයක් බව ඔහු කීවේය.