දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් උදෑසන කාර්යාල වෙත එන මගීන් දස දහසක් අද (8) ඉතා අසරණ වුහ.
රඹුක්කන සිට මැදිරි 6 කින් පමණ සමන්විත එක් දුම්රියක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පෙරවරු 8 ට පමණ පැමිණි අතර එය පාසල් සිසුන් ඇතුළු කාර්යාල සේවිකාවන්ගෙන් පිරී ඉතිරී තිබිණි.
පා පුවරුවේ අවසන් පඩිය දක්වා දැඩි අවධානම් සහිතවද මගීහු ගමන් කලහ.
දෙමටගොඩ,මරදාන සහ කොළඹ කොටුව දුම්රිය පොළ වලද දැඩි පොලිස් රැකවරණයක් යොදා තිබිණි.උදැසන 9 වන විට දුම්රිය ස්ථාන වසා දැමිණි.