දුම්රිය අලියා මරයි
ගල්ගමුව අඹන්පොළ ගැටදිවුලේ අලිමංකඩ හරහා වැටී ඇති දුම්රිය පාරෙන් මාරුවීමට ගිය අලියෙක් දුම්රියේ හැපී අද අළුයම මරණයට පත් විය.
වයස අවුරුදු 25ත් 30ත් අතර වන මේ අලියා රැලේ අන්තිමයා බවත්, දුම්රියේ ඇමිණී මීටර සියයක් ඇදී ගිය බවත, දුම්රියේ ගමන් කළ හමුදා සෙබළුන් පිරිසක් මළ අලියා ඉවත් කළ බවත් දුම්රිය මගීහු කියති.
අලිමංකඩ ඇති ස්ථානවලදී දුම්රියේ වේගය පැයට කිලෝමීටර 20ට අඩු කරන ලෙස නාම පුවරුද ප්‍රදර්ශනය කර ඇත.
මෙවැනි අනතුරුවලින් මෑතදී අලි ඇත්තු අත් අට දෙනෙක්ම මරනුවට පත්වූහ.
රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියවලට ගල්ගමුව හා මහව අතර අලි ඇතුන් පෙන්වීමට ස්වේඡ්චා සේවකයන් බඳවා ගැනීමේ වැඩ පිළිවෙලක් ඇතැයි අඩවි වන නිලධාරී අයි එම් ජී සෙනවිරත්න මහතා කියයි.

