දුබලයා බලවතාට බිලි දෙන්න යනවා


කොළඹ පිටකොටුවේ ලංගම මධ්‍යම බස්ගාලේ පෞද්ගලික බස් ගාල්කරන්නට දී ඇති අවසරය අහෝසි කරන්නැයි සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් සේපාල ලියනගේ මහතා ජනපතිට ලිපියක් යවමින් ඉල්ලා සිටී. ලංගම හා පෞද්ගලික බස් ඒකාබද්ධ කාලසටහනක් අනුව ධාවනය වීමේ සූදානම හරියට බස් 22500ක් හිමි බලවතාට බස් 4500ක් හිමි ලංගම දුබලයා ගොදුරු කිරීමක් යැයි ඔහු කියයි.