සෙනෙහස අහිමිව
ඉකිබිඳ වැලපෙන
අවිහිංසක වූ බිළිඳු සිතේ
හසරැුලි නංවන බණ පද ඇසුණා
කිනිහිරි මල් මග කසාවතේ...
අනියත ලෝකේ
අනියත බව දැන
සන්සුන් දෑසින් ලොව දකිනා
ඔබ යන මග දිග පිණි කැට විසිරේ
කඳුලූ නොඒවා දුක හිතෙනා...
සුජාත පුතකුගෙ යහගුණ මාලා
රන්කොත පාමුල මල් සේමා
දිරිය විරිය පිරි ගංගා දැලේ
ඉසුරු පිරේවා පැතු සේමා....
විශාරද දීපිකා ප‍්‍රියදර්ශනීයගේ හඬින් මේ ගැයෙන්නේ සිංහල සිනමා වංශ කතාවට එකතුවන නවතම චිත‍්‍රපට ගීතයයි.
රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ අතින් ලියැවුණු මේ ගීතය කලකට පසු සිනමාවට එකතුවූ සුභාවිත ගීතයකි.
එසේම දීපිකා වසර පහකට පමණ පසුව ගායනා කළ චිත‍්‍රපට ගීතයක් වීමද විශේෂත්වයකි. එබැවින් මුලින්ම මේ ගීතය ගැන දීපිකාගෙන් විමසමු.
‘‘මේ චිත‍්‍රපටයට සංගීතය අධ්‍යක්ෂණ කළේ මේ චිත‍්‍රපටයෙ කැමරා අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කරපු සජීව සංකල්ප. ඔහු අධ්‍යක්ෂණය සංස්කරණය ඇතුළු සිනමාවට සම්බන්ධ කටයුතු රැුසකම නිරතවන්නෙක්. ඉතින් ඔහුට තමයි හිතිලා තියෙන්නෙ මේ චිත‍්‍රපටයෙ එන සංවේදී අවස්ථාවට හොඳ සුභාවිත ගීතයක් එකතු වුණා නම් හොඳයි කියලා’’ ‘‘ඒ වෙලාවෙයි සජීව මට කතා කළේ මේ ගීතය ගායනා කරන්න.
මේ මොහොත චිත‍්‍රපටයේ එන සංවේදී අවස්ථාව කුමක්දැයි විමසීමට හොඳම වෙලාව බව මට සිතිණි.
මේ චිත‍්‍රපටියෙන් කියැවෙන සුජාත පුත‍්‍රයාට තාත්තා නැහැ. මේ නිසා ඔහු තාත්තා කෙනෙකුට වගේ ආදරය දක්වන්නෙ පන්සලේ ලොකු හාමුදුරුවන්ට. මේ හාමුදුරුවොත් මේ දරුවට අවශ්‍ය ගුරුහරුකම් දෙනවා. ඇත්තටම මෙතන තියෙන්නෙ පුදුමාකාර සෙනෙහසක්. මේ පුතා වෙහෙසෙන්නෙ තමන්ගෙ අම්මව රැුකබලා ගන්නයි.
එක්තරා දවසක මේ පුතාට පියෙකු වගේ ආදරය කළ ලොකු හාමුදුරුවොත් අපවත් වෙනවා. මේ මොහොත අර දරුවට දරාගන්න බැහැ. ඔහු පිස්සුවෙන් වගේ එහාට මෙහාට ඇවිදිනවා... අඬනවා වැලපෙනවා. මෙන්න මේ මොහොතට තමයි මගෙ ගීතය ඇතුලත් වෙන්නෙ. මෙතන සංගීතය තියෙන්න ඕනෙත් ශෝකී බවක්. ඒ වෙනුවෙන් සජීව මෙලඩි එකක් නිර්මාණය කරල තිබුණා. නමුත් මට හිතුණා එතැනට ගැලපෙන්නෙ ඊට වඩා වෙනස් විදිහෙ සංගීතයක් කියලා. මම සජීවට යෝජනා කළා අපි සෙන් මියුසික් කියන සංගීත ආර යොදාගනිමු කියලා. ඒ විදිහටයි මේ ගීතයෙ එන මේ අපූරු සංගීතය නිර්මාණය වුණේ.’’
දීපිකා සිය පළමු වැනි චිත‍්‍රපට ගීතය ගායනා කළේ 1984 වසරේදී නිෂ්පාදනය කෙරුණු ක්ෂේමභූමි චිත‍්‍රපටයටය. විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ මෙහි පද රචනය බන්දුල නානායක්කාර වසම්ගේය.
නීල අහස අතහැර
ගිලිහෙන තරුවක
ගන රන් තරුවක
මං පෙත සොයනා
නිමේෂයක්....
එහෙත් මේ චිත‍්‍රපටය විකාශය වූයේ 2010 වසරේදී බැවින් දීපිකා ගැයූ පළමු චිත‍්‍රපට ගීතය ලෙස සැලකෙන්නේ ඇය 1990 දී හිමගිර චිත‍්‍රපටයට ගැයූ හිරු ඩැහැගෙන ගිය ගීතයයි.
හිරු ඩැහැගෙන ගිය දවස ගියාවේ
සඳු ගෙන ආ රැුය අපට උදාවේ
ලොවක් නිවී ගිය
ලොවක් පහන් වෙයි
අවදි කරන්නට නිදිගත් හදවත්
කුලරත්න අරියවංශ ලියූ මේ ගීතයේ සංගීතය රෝහණ වීරසිංහගෙනි.
ඉනික්බිතිව දීපිකා සුරඟනා, නහී වේරෙන වේරානී, ආදරණීය වස්සානය, රජ්ජුමාලා, හාට් එෆ්.එම්., ගාමණී වැනි චිත‍්‍රපටවලටද පසුබිම් ගී ගැයුවාය. මේ ගී අතරින් වඩාත්ම ජනප‍්‍රියත්වයට පත්වූයේත් අදටත් රසික හදවත් අතර ඉතිරිව ඇත්තේත් ආදරණීය වස්සානයට ගැයුන ඔබ හීනයක් වගේ ගීතයයි. එය සම්මාන දෙකකින්ද පිදුම් ලැබුවේය.
අතීතයේදී නම් බොහෝවිට චිත‍්‍රපට දුවන්නේ එහි එන මියුරු ගීත නිසාය. චිත‍්‍රපටය නිමාවුවත් එහිවූ ගීත යුගයෙන් යුගයට ඉතිරිව පවත්නේය. එබඳු ගී සඳහා උදාහරණ සිය ගණනක් ලිවීමටද පුළුවන. එහෙත් අද වනවිට චිත‍්‍රපට දුවන්නට සිංදු බලපාන බවක් පෙනෙන්නටද නැත. චිත‍්‍රපටයෙන් පසුව සිංදු ඉතිරිවන බවක් ද නොපෙනේ.
ඒ ඇයි?
අපි දීපිකාගෙන්ම විමසමු.
මං අදහන විදිහට ගීතයක් කියන්නෙ හරි අපූරු දෙයක්. සංගීතය, පද රචනය ගායනය කියන තුනෙන්ම තමයි හොඳ ගීතයක් බිහිවෙන්නෙ. එහෙම නොවුණාම ගීතයක් රසිකයා ආදරයෙන් වැළඳගන්නෙ නැහැ... ඒකයි සත්‍යය. මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ
‘සුදු මුතු රළ පෙළ
කිඳුරු කොදෙව්වේ
මේ ගීතය ඇතුළත් වුණේ චිත‍්‍රපටයකට. ඒත් අදටත් මේ ගීතය හරිම ජනප‍්‍රියයි. ඒත් මේ ගීතය රස විඳින්න එය ඇතුළත් වුණු චිත‍්‍රපටය අවශ්‍ය නැහැ. හුදෙකලා ගීතයක් විදිහට මේ ගීතය රස විඳින්න කිසිම බාධාවක් නැහැ. ගීතයක තිබිය යුත්තෙත් අන්න ඒ පොදු බව.
එතකොට ඒ.ආර්. රහමන් කියන සංගීතඥයාගෙ නිර්මාණ අරන් බලන්න. එයා භාවිත කරන්නෙ ගැඹුරු හඬවල්. ඒ හඬවල් වෙනුවෙන් ඔහු හරියට මහන්සි වෙනවා. ඒ හින්දද කොහෙද ඔහුගෙ සංගීතය තිබෙන චිත‍්‍රපටවලට රසිකයො ගොඩාක් වසඟ වෙනවා... චිත‍්‍රපටි, සිංදු නිසා ජනප‍්‍රිය වුණාය කියලා ඔබ’ කියපු කාරණාවට මම එකඟවෙන්නෙ මේ කාරණය නිසයි.
නමුත් මෑත කාලෙක නම් රසිකයො මහා පරිමාණයෙන් වැළඳගත්තු චිත‍්‍රපට ගීතයක් මගේ මතකයට එන්නෙ නැති තරම්...’’
සුජාත පුත‍්‍ර චිත‍්‍රපටයට ඇතුළත් දීපිකාගේ ගීතයේ පද රචනය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේය. ගීතයෙන් බණ කියන සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ පද රචනාවක් දීපිකා ගැයූ පළමු අවස්ථාව මෙය නොවේ.
හිතේ දුක් ගිනි, මහ වැවක් වගේ, රන්වන් රන්සිනා, කිරි මව් වී, කඳුළු හෙලා සමනොල සිරසේ, වැනි ගීත අතීතයේදී දීපිකාට රචනා කරන ලද්දේ රඹුකන හාමුදුරුවන්ය.
ඉතින් දීපිකාගෙන්, සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ පද රචනා ගැන යමක් විමසිය යුතුව නොවේද?
‘‘සිද්ධාර්ථ හාමුදුරුවො ලියන්නෙ සමාජයට වැදගත් අර්ථවත් ගීත. ඒ ගීත ඔබ කියන විදිහටම බණ පද වගේම තමයි. ඒ නිසාම සිද්ධාර්ථ හාමුදුරුවන්ගෙ ගීත යුගයෙන් යුගයට වලංගුයි. සදාකාලිකයි. මේ චිත‍්‍රපට ගීතයෙ වුණත් ලොකු වටිනාකමක් ලොකු අර්ථයක් හොඳ පණිවිඩයක් ඇතුළත් වෙලා තියෙනවා. මම බොහොම කැමැත්තෙන් මේ ගීතය ගායනා කරන්න හේතුවත් ඒක. අද අපේ මිනිස්සු මොනවද කරන්නෙ. කොහෙද දුවන්නෙ. ඒත් ජීවිතේ කියන්නෙ හිස් දෙයක්. මේ මිනිස්සු ඒක තේරුම් නොගෙන කොහෙද මේ දුවන්නෙ කියලා මං කල්පනා කරනවා. සිද්ධාර්ථ හාමුදුරුවො තව තවත් ගීත මහ ගොඩාක් ලියලා අයාලෙ දුවන මිනිස්සුන්ට ජීවිතේ යථාර්ථය කියාදිය යුතුයි.’’
ශාන්ත කුමාර විතාන