දිස්ත්‍රික්ක 4කට නායයෑමේ අනතුරු ඇඟවීම්


ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර, කලුතර, කුරුණෑගල සහ කොළඹ යන දිස්ත්‍රික්ක සදහා නායයෑම සම්බන්ධයෙන් අනතුරු ඇවීම් නිකුත් කර තිබේ.
 
ඊයේ(01) පස්වරු 9.00 සිට අද(02 ) පෙරවරු 9.00 දක්වා මෙම අවදානම බලපැවැත්වෙන බවද එහි දැක්වේ.

  • රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, රත්නපුර, කිරිඇල්ල, පැල්මඩුල්ල, බලන්ගොඩ, ඉඹුල්පේ, වැලිගෙපොල, ඕපනායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද,
  • කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, අගලවත්ත, වල්ලාවිට, පාලින්දනුවර, දොඩංගොඩ, ඉංගිරිය, මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද,
  • කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, මාවතගම, රිදීගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද,
  • කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, තුම්මෝදර යන ප්‍රදේශද නායයෑමේ අවදානම සහිත ප්‍රදේශ බව එම සංවිධානය වැඩිදුරටත් පවසයි.

නායයාමේ ලක්ෂණ දක්නට ලැබේ නම් එම ප්‍රදේශවලින් ඉවත්වන්නැයිද එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

(16844)