(යොහාන් භාසුර)
සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ආගමන හා විගමන උප කාර්යාල වාහාම ස්ථාපිත කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.
ආගමන හා විගමන උප කාර්යාල පිහිටුවීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඉඩකඩ පිළිබදව මේ වන විට කටයුතු කරමින් සිටින බව කී එම නිලධාරියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සිට මාර්ගගත ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට මේ වන විටත් කටයුතු සම්පාදනය කර ඇති බව ද සඳහන් කළේය.
මීට අමතරව තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල කීපයක ද ආගමන හා විගමන උප කාර්යාල පිහිටුවීමට ද තීරණය කර ඇති බවත් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ පවතින තදබදය අඩු කිරීම මෙම උප කාර්යාලවල පිහිටුවීමේ අරමුණ බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.