රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රභලත්වයක් ඇති භූමි කම්පාවක් බටහිර පකිස්තානයේ වූ බවත්, එය සැතපුම් දහසක් ඈතින් පිහිටි නවදිල්ලියට දැනුණු බවත් ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියයි.
‘නවදිල්ලියේ ගොඩනැගිලි හෙල්ලුම් කෑවා. මිනිසුන් වීදි දිගේ දිව්වා.‘ යැයි රොයිටර් වාර්තා කරයි.
ඇමෙරිකා භූ සමීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රභලත්වයෙන් යුත් මෙම පකිස්තානයේ ගිනිකොන දිට පිටිහි දාල්බණ්ඩින් ප්‍රදේශයේ සිට සැතපුම් 145ක් ඈතින් සිදුවූ බවයි.
පාකිස්තානයේ කරච්චි නුවරට සැතපුම් 258ක් ඈතින් සැතපුම් නවයක් භූ ගර්භයේ සිදුවූ මේ භූමිකම්පාවෙන් සෑහෙන පරිසක් මැරෙන්නට ඇතැයි අනුමාන කෙරෙයි.

