දියමන්තිය සොරකම් කළ බව චීනා පිළිගනී
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේ රන් හා මැණික් ප්‍රදර්ශනයේ දී රුපියල් දහඅට ලක්ෂයක දියමන්තියක් සොරකම් කළ බව චීන ජාතික චූ සෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඉදිරියේ පිළිගත්තේය. එහි වටිනාකමින් සාධාරණ මුදලක් ගෙවීමට ඔහු එකඟ විය මුලු මුදලම ගොවීමට නොහැකි බව ඔහු කීවේය. මොහු අත්අඩංගුවට ගැනුණේ දිය මන්තියක් ගිල දැමීම නිසාය. විරේකයකින් පසුව එළියට ගත් දියමන්තිය කිසිම වටිනාකමක් නැති බොරු දියමන්තියක් බව සොයා ගැනිණි. ඔහු සමග සිට තවත් චින ජාතිකයකු දියමන්තිය සොරකම්කර පළා යන්නට ඇතැයි පොලිසිය කියයි. චූ සෙන්ට දඬුවම් නියම කිරීම ලබන 22 වැනිදාට කල් තැබිණි. මොහු රුපියල් දස ලක්ෂය බඟින් වූ ඇප දෙකක් මත මුදා හැරිණි.

