දියතලාව රෝහලේ තුන්නිවුන් දරු උපතක්


(සමන් පාලිත නානායක්කාර)

දියතලාව මූලික රෝහලේ දී අද(23) සවස තුන් නිවුන් දරු උපතක් සිදුවිය.

ඔවුන් තිදෙනාම ගැහැණු දරුවන් වන අතර ඔවුන් මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් වෛද්‍යවරු කියති.

එසේ තුන් නිවුන් දරු උපතක් සිදුකර ඇත්තේ 21 හැවිරිදි එම්.ඩී.ධම්මිකා දර්ශනී මහත්මියයි. පියා ආර්.එම්.ලක්ෂාන් ධනංජය නමැති 23 හැවිරිදි තරුණයෙකි. ඔවුන් පදිංචිව සිටිනුයේ කොස්ලන්ද, වෙලන්විට දුෂ්කර ගම්මානයකය.