දිමුතු ආටිගලට යාපනේදි කළුතෙල් ගහලා
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දිමුතු ආටිගල මෙනවියට යාපනයේදී කලුතෙල් ප්‍රහාරයක් එල්වී යැයි යාපනය පොලීසියට පැමිණිලි කර ඇත.
පසුගිය අප්‍රියල් හත්වැනිදා ඇය හා කුමාර් ගුණරත්නම් බස්නාහිර පළාතේදී නාඳුනන පිරිසක් විසින් පැහැරගැනීමෙන් අනතුරුව අප්‍රියල් 10 වැනිදා මාදිවෙලට ගෙනැවිත් දමා තිබිණි.
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ වැඩසටහනක් සඳහා යාපනයට ගොස් සිටි ඇය නල්ලූර් කෝවිල අසලින් වාහනයට නැගීමට සූදානම් වෙද්දී යතුරුපැදියෙන් පැමිණි දෙදෙනෙකු කලුතෙල් ප්‍රහාරය එල්ල කළ බව පොලීසියට කළ පැමිණිල්ලේ දැක්වේ.

