
(යොහාන් භාසුර)
ඩොලර් මිලියන 2.5 ක් ගෙවීමට නොහැකි වීමෙන් දින හයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා තිබූ ලිට්‍රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙටි්‍රක්ටොන් 3,900 ක් රැගත් නෞකාවට මුදල් අද (14) ගෙවූ බවත් ගෑස් ගොඩබෑම අද පස්වරුවේ ආරම්භ කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
එම ප්‍රමාදය හේතුවෙන් දින 11 ක් ගෑස් බෙදාහැරීමට නොහැකි වූ කී එම උසස් නිලධාරියා පැවසුවේ හෙට (15) දහවල් වන විට ගෑස් බෙදාහැරීමට හැකිවනු ඇති බවත්ය.
මෙම නෞකාව පසුගිය 8 වැනිදා පෙවරුවේ කොළඹ වරායට ළගාවූ අතර එයට ගෙවීමට ඉතිරිව තිබූ ඩොලර් මිලියන 2.5 ගෙවීමට නොහැකිවීමෙන් ගෑස් තොගය ගොඩබෑමට නොහැකි විය.

