
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවට මුහුණදීම සඳහා පූර්ව සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් පත් කෙරැණූ විශේෂ කාරක සභාව නිරීක්ෂණය කළ කරුණු පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට දුන් කාලය දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (11) ලැබිණ.
ඒ අනුව මෙම සභාව නිරීක්ෂණය කරන ලද කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු කාලය සැප්තැම්බර් 19 දක්වා දීර්ඝ කෙරෙනු ඇත.
මෙම විශේෂ කාරක සභාවේ වාර්තාව කාරක සභාවේ පළමු රැස්වීමේ දින සිට මාස තුනක් ඇතුළත ලබා දිය යුතුව තිබුණි.
ඒ අනුව වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ, මේ මස 19 වෙනිදාය.

