දැරියට ප්‍රතිජීවකය විෂ වෙලා?
ගාල්ල කරාපිටිය රෝහලේ දී ප‍්‍රතිජීවක විෂවීමෙන් නම හැවිරිදි දැරියක මිය යෑමත් සමග දැරියගේ මරණයට හේතුවී යැයි සැළකෙන ප‍්‍රතිජීවක කාණ්ඩය වෙනත් රෝගීන්ට දීම නවතා දැමූ බව ද රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසයි.
මෙලෙස මියගියේ ගාල්ල හීන්පැන්දල පදිංචි කවීෂා ජයෝදා ජයවර්ධන දැරියයි. දැරියගේ මරණයට හේතුව සෙෆ්ටි‍්‍රයක්සෝන් නමැති ප‍්‍රතිජීවකයක් දීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවක් හෙවත් විෂ වීම බව රෝහලේ වෛද්‍යවරු පවසති.
උදරාබාධයක් හේතුවෙන් රෝහල්ගත වූ දැරියකට බ්‍රහස්පතින්දා (11) සවස ද මෙම ඖෂධය ලබාදී ඇතත් අද (12) උදෑසන යළි එහි දෙවැනි මාත‍්‍රාව දීමෙන් පසු ආසාත්මිකතාව ඇතිවී දැරිය මියගියාය.
කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ දොස්තර ශෙල්ටන් පෙර්රා මෙසේ කීවේය.
දැරියගේ මරණයට හේතුව ‘‘ සෙෆ්ටි‍්‍රයක්සෝන්‘‘ ආසාත්මිකතාවය යැයි අපි සැකකරනවා. නමුත් එය තවමත් ස්ථිරවම තහවුරු කරගෙන නැහැ. ඇයට පෙර දිනයෙත් මේ ඖෂධ දුන්නත් විෂ වී තිබුණේ නැහැ. ඒ වනවිටත් තවත් දරුවන් 10 දෙනෙකුට එම ඖෂධ කාණ්ඩයම ලබාදී තිබුණා. නමුත් ඔවුන්ගේ වෙනසක් නැහැ. ඔවුන් ඉතාමත් නිරෝගීව සිටිනවා. අපි වහාම ආරක්ෂිත පියවරක් ලෙස එම ඖෂධ ලබාදීම නවතා දැමුවා. ’’
වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ දැරියගේ මරණයට හේතුව නිශ්චිතවම තීරණය කළ හැක්කේ සෙනසුරාදා (13) කරාපිටිය රෝහලේදී පැවැත්වෙන හදිසි මරණ පරීක්ෂණයෙන් අනතුරුව බවයි.

