දැරියගේ ආශාව ඉටුවේ
උපතින්ම දෑත හා දකුණුපාදය අහිමිවූ වම් පාදයෙන් පහේ ශිෂ්‍යත්ව විභාගය ලියා ලකුණු 153ක් ගෙන සමත්වූ දැරිය අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂ ජනපති හමුවිය.
දැරණියගල දෙල්ඔළුව කණුටු පාසලේ රශ්මි නිමේෂා අරලියගහ මැදුරට පැමිණියේ දෙමාපියන් සමගය.
ඇගේ එකම අභිලාෂය වූයේ ශිෂ්‍යත්වය සමත්වී ජනපති හමුවීම බව ලංකාදීප වෙබ් අඩවියද, ලංකාදීප පත්තරය ද මුලින්ම වාර්තා කළේය.

